Accademia Melitalia විසින් ඉතාලියේ වෙසෙන වැඩිහිටියන් සහ ළමුන් සඳහා ඉතාලි, ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ භාෂා පාඨමාලා පවත්වනු ලැබේ. සියලුම පන්ති සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන බැවින්, ඔබට සෑම වචනයක්ම කටපාඩම් නොකර පැහැදිලිව තේරුම් ගත හැකිය.
ඔබට රැකියාව හෝ නීතිමය කටයුතු සඳහා ඉතාලි භාෂාව අවශ්‍ය වුවද, ඔබේ දරුවාට ඉතාලි පාසලේ සාර්ථක වීමට සහාය අවශ්‍ය වුවද, නැතහොත් ඉංග්‍රීසි හෝ ස්පාඤ්ඤ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය වුවද — ශ්‍රී ලාංකික අපටම ගැලපෙන ලෙස අපේ පාඨමාලා සකස් කර ඇත.
සෑම සතියකම සජීවී පන්තියක්, දිනපතා පුහුණුව සඳහා App එකක් සහ ඕනෑම වේලාවක නැවත නැරඹිය හැකි පටිගත කළ වීඩියෝ මගින් ඔබේ ඉගෙනීම පහසු කරනු ලැබේ.
සෑම සතියකම ඔබ ඔබේ කණ්ඩායම සමඟ Zoom හරහා සජීවී පන්තියට සම්බන්ධ වේ. එහිදී ව්‍යාකරණ, වචන මාලාව, කථන සහ උච්චාරණ පුහුණුව ලබා දේ. පන්තියට පැයකට පෙර WhatsApp සහ App එක හරහා ඔබට ලින්ක් එක ලැබෙනු ඇත.
මෙම App එක ඔබේ පෞද්ගලික ඉගෙනුම් සහායකයා වේ. ඉතාලියේ එදිනෙදා ජීවිතයට වැදගත් වන අලුත් වචනයක් හෝ වාක්‍යයක් 'Daily Dose' ලෙස ඔබට දිනපතා ලැබේ. ඔබට පන්තියක් මග හැරුණහොත් එහි වීඩියෝව ඕනෑම වේලාවක මෙහි නැරඹිය හැකිය.
සෑම පන්තියකටම පසු ඔබට කෙටි ප්‍රශ්නාවලියක් සහ අභ්‍යාසයක් ලැබේ. මේවා විභාග නොව, ඔබ ඉගෙන ගත් දේ හොඳින් මතක තබා ගැනීමට උපකාරී වන මෙවලම් වේ. ඔබ මේවා කරන තරමට ඔබේ භාෂා හැකියාව වේගයෙන් වර්ධනය වේ.
Melissa යනු ඉතාලියේ ප්‍රසිද්ධ සහ පරණ විශ්වවිද්‍යාලයක් වන University of Pavia හි Biotechnology
උපාධිධාරිනියක්. ඇය ඉතාලි අධ්‍යාපන පද්ධතිය තුළම හැදී වැඩුණ නිසා, ඉතාලි භාෂාව ව්‍යුහගත වන ආකාරය
පාසල්වල උගනවන ආකාරය, සහ වෙන රටකින් පැමිණෙන වැඩිහිටියන්ට හා ළමුන්ට එදිනෙදා ජීවිතයට
මොනවද ඉතාමත් අවශ්‍ය කියලා ඇය හොඳටම දන්නවා.
Accademia Melitalia ආරම්භ කිරීමට පෙර ඇය GSK ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල වෘත්තීය අත්දැකීම් ලබාගෙන
ඇත. වසර 4කට වඩා වැඩි කාලයක් ඇය වැඩිහිටි සිසුන්ට ඉතාලි උගන්වමින් සිටී. දැනට ඇය Ditals training
(විදේශිකයන්ට ඉතාලි උගන්වන විශේෂ පුහුණුව) සම්පූර්ණ කරමින් පවතින අතර, ඇයගේ ප්‍රධාන අරමුණ ආයතනයේ
අධ්‍යාපන ප්‍රමිතිය
තවදුරටත් ඉහළ නැංවීමයි.
ඇගේ උගන්වීමේ ක්‍රමය ප්‍රායෝගිකයි, ඉවසිලිවන්තයි, සහ සැබෑ ප්‍රතිඵල වලට කේන්ද්‍රගතයි — කටපාඩම්
කිරීමෙන් හෝ දෙබස් පාඩම් කිරීමට සීමා නොවී තමන්ගේ අදහස් ඉතාලි භාෂවෙන් වචන වලට පරිවර්තනය කරගන්නා
ආකාරය ප්‍රායෝගිකව පුහුණු කරවයි.
අලුත් වැඩිහිටි ඉතාලි කණ්ඩායම් 2026 මැයි මස ආරම්භ වේ. ළමා ඉතාලි පන්ති සඳහා දැන් ඇතුළත් විය හැකිය. ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ පන්ති පිළිබඳ වැඩි විස්තර සඳහා WhatsApp හරහා අපව සම්බන්ධ කරගන්න.