ළමයින්ගේ පන්ති විස්තර
වැඩිහිටියන් සඳහා · Zoom මඟින් Online

විශ්වාසයෙන් නිවැරදිව ඉතාලි කතාකරන්න

ඉතාලියේ ජීවත්වෙන ශ්‍රී ලාංකික වැඩිහිටියන් සඳහා සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන ඉතාලි පාඨමාලාව — මූලික මට්ටමේ සිට A2 දක්වා, මාස 10කින්.

මාස 10කාලසීමාව
A2ලඟාවන මට්ටම
€59මාසිකව
4නව කණ්ඩායම්
ලියාපදිංචි වීමට පෙර, කරුණාකර පහත සියලුම කොටස් කියවන්න — ගාස්තු, සහතිකය, සහ ඔබගේ වගකීම් ඇතුළුව. ලියාපදිංචි වීමට හැකි වන්නේ පිටුවේ අවසානයේ, කාලසටහන ළඟදීය.

මෙම පාඨමාලාව කාටද?

ඉතාලියේ ජීවත්වන, ඉතාලි භාෂාවෙන් විශ්වාසයෙන් කතා කිරීමට බලාපොරොත්තු වන සියලුම වැඩිහිටියන් සඳහා.

1
ඉතාලි භාෂාව ගැන කිසිදු දැනුමක් නැති, සම්පූර්ණ නවකයන්ටබිංදුවේ සිට ආරම්භ කරන බැවින්, හෝඩියේ සිට නිවැරදි උච්චාරණය සහ මූලික ව්‍යාකරණ පියවරෙන් පියවර ඉගෙනගත හැක.
2
A2 විභාගය සමත් වුවත් තවමත් කතා කිරීමට බියක් ඇති අයටත්මෙය ව්‍යාකරණ පමණක් උගන්වන පාඨමාලාවක් නොව, ඊට අමතරව විශේෂයෙන්ම කතාබහ කිරීමේ practical පුහුණුව වෙත පූර්ණ අවධානය යොමු කරන පංතියක්. වචනයක් හමුවේ සිරනොවී, එම බිය බිඳ දමා කතා කිරීමේ ස්වයං විශ්වාසය ගොඩනගාගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.
මෙය රැකියා ස්ථානය, බැංකුව, රෝහල වැනි නිශ්චිත අවස්ථා ස්වල්පයකට පමණක් සීමා වූ දෙබස් කටපාඩම් කරන පාඨමාලාවක් නොවේ — ඔබ මුහුණපාන ඕනෑම දෛනික අවස්ථාවකට, බියකින් තොරව මුහුණ දී basic ලෙවෙල් එකෙන්, සංවාදමය මට්ටමෙන් නිවැරඳිව ඉතාලි භාෂාව හැසිරවීමට ඔබව සූදානම් කිරීමයි අපගේ අරමුණයි.

පාඨමාලාවෙන් පසු ඔබට කළ හැකි වන දේ

  • ස්වාධීනව ඉතාලි භාෂාවෙන් එදිනෙදා කටයුතු කරගැනීම
  • ඉතාලි ජාතිකයන්ට පැහැදිලිව තේරුම්ගැනීමට හැකිවන පරිදි නිවැරදි උච්චාරණය
  • නීතිමය/රැකියා/සරණාගතභාවය (Refugee) ලියකියවිලි සඳහා සහතිකය භාවිතා කිරීම

මෙතැනින් එහාට — ඔබගේ ඉදිරි ගමන් මග

A2 පාඨමාලාවෙන් නවතින්නේ නැත. ඔබට කැමති නම්, වෘත්තීය ජීවිතයක් දක්වාම අප ඔබ සමඟ ගමන් කරමු.

1
මූලික පාඨමාලාව — A1/A2 ඉතාලි වචනයක්වත් නොදැන, කතා කිරීමට බියෙන් සිටි ඔබ, මාස 10ක් තුළ A1/A2 මට්ටමට එළැඹේ. A2 CILS විභාගයට පෙනී සිටීමට කැමති සිසුන්ට, ඔබ ජීවත්වන ප්‍රදේශයේම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය කටයුතු සංවිධානය කිරීමට අප සහාය වෙමු.
2
දෛනික ජීවිතයේ පළමු කතාබහ පාඨමාලාව අවසන් වන විට, සරල ඉතාලි භාෂාවෙන් රැකියාව, සාප්පු, කාර්යාල වැනි එදිනෙදා අවස්ථාවලදී බියකින් තොරව කතාබහ කිරීමට හැකි වේ.
3
විශ්වාසය තවත් ගොඩනැගීම ස්වදේශික (native) ඉතාලි ගුරුවරයෙකු සමඟ පවත්වන කතාබහේ විශ්වාසය වර්ධනය කිරීමේ speaking sessions හරහා, කතා කිරීමේ නිදහස තවත් පුළුල් කරගනී.
4
B1 පාඨමාලාව — සම්පූර්ණයෙන්ම ඉතාලි භාෂාවෙන් ඉතාලි ගුරුවරයෙකු සමඟ, ඉතාලි භාෂාවෙන්ම උගන්වන B1 පාඨමාලාවට ඇතුළත් වේ — මේ වන විට ගුරුවරයා කියන දේ තේරුම් ගැනීමට, ගුරුවරයාගෙන් ප්‍රශ්න අසා නොතේරෙන යමක් ඇත්නම් ඒවා පැහැදිලි කරගැනීමට අවශ්‍ය නිපුණතාවය සිසුන් තුළ පවතී.
5
වෘත්තීය සුදුසුකම් වෙත මග පෙන්වීම B1 හදාරා අවසන් කළ පසු, ඔබගේ කැමැත්තට අනුව ඉතාලි රජය මගින් පිරිනමන වෘත්තීය පුහුණු පාඨමාලා තෝරාගැනීමට මග පෙන්වීම ලබා දෙනු ලැබේ.
අපගේ දැක්ම සාම්ප්‍රදායිකව සීමා වී තිබූ රැකියා ක්ෂේත්‍රවලින් ඔබ්බට, ඉතාලියේ යහපත් වෘත්තීය ක්ෂේත්‍රවල සේවය කරන නව පරම්පරාවක් බිහි කිරීමයි.

ඉගැන්වීමේ ක්‍රමය ගැන

බොහෝ අය කියන්නේ "කතා කරන්න විතරක් ඉගෙනගන්න ඕනේ — ව්‍යාකරණ ඕනේ නෑ" කියලා.

ව්‍යාකරණයක් නැතිව කතාබහ කිරීම ඔබගේ අදහස නිවැරදිව ප්‍රකාශ කිරීම සීමා කරයි, අසන්නාටත් නිවැරදිව අවබෝධ කරගැනීමට අපහසු වේ. අපි ව්‍යාකරණය ඉතා සරලව උගන්වන්නේ කට පාඩම් කළ යුතු නීති මාලාවක් ලෙස නොව, ඔබට තනිවම වාක්‍ය ගොඩනගාගැනීමට යොදාගත හැකි ආයුධයක් ලෙසයි.

ඉගෙනීම සාර්ථක කරගැනීමට ඔබ අනුගමනය කළ යුතු දේ

Live Zoom පන්තිය සතියකට වරක්, පැය 2.5ක් — Class link එක පැයකට පෙර WhatsApp/App හරහා ලැබේ. හොඳම ප්‍රතිඵලය ලැබෙන්නේ පහත දේවල් නිතිපතා අනුගමනය කිරීමෙන්.

1
සෑම සතියකම Live පන්තියට කැපවී සහභාගී වන්නහැකි උපරිමයෙන් පන්තියක්වත් මග නොහරින්න — නිතිපතා සහභාගීත්වයයි වේගවත්ම ප්‍රගතියට මාර්ගය.
2
අහම්බෙන් පන්තියක් මග හැරුණහොත්, එය App එකෙන් recording එක ලෙස නරඹන්නමග හැරුණු පාඩම මග හැරෙන්නට ඉඩ නොදෙන්න.
3
පන්තියට සහභාගී වුවත්, ඊළඟ පන්තියට පෙර එම recording එක නැවත බලන්නනිර්දේශිත පුරුද්දකි — පාඩම මනසේ තහවුරු කරගැනීමට උපකාරී වේ.
4
නව වචන සහ "Daily Dose" සඳහා App එක දිනපතා භාවිතා කරන්නAccademia Melitalia App එක නොමිලේ ලැබේ.
5
අප එවන Quizzes සහ ක්‍රියාකාරකම් සම්පූර්ණ කරන්නඅපගේ interactive learning platform හරහා, ඔබගේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඕනෑම තැනක සිට කළ හැක.
6
පන්තියේදී ප්‍රශ්න අසන්න, සක්‍රීයව සහභාගී වන්නඅවබෝධ නොවන දෙයක් ඇත්නම් එතැනම විමසන්න — හොඳම ප්‍රතිඵලය ලැබෙන්නේ එසේය.

ඉගෙනුම් වේගය දෙගුණයකින් ඉහළ නංවන අමතර දේවල්

  • සතියකට අවම වශයෙන් එක් Knowledge Sharing Session එකකටවත් සහභාගී වන්න
  • App එකෙහි ඇති අමතර ක්‍රියාකාරකම් කරන්න

පැහැදිලි ගාස්තු 3ක්

සැඟවුණු ගාස්තු නැත. ලියාපදිංචි ගාස්තුවක්ද නැත.

මාසික පන්ති ගාස්තුව€59.00 (€48.36 + iva 22%)
පාඨමාලා අත්පොත (ලියාපදිංචි වූ අයට වට්ටම්, සාමාන්‍ය මිල €61)€48.80
පළමු මාසය සඳහා මුළු මුදල (ගාස්තුව + පොත)€107.80
  • සතියකට වරක් Live Zoom පන්තිය (පැය 2.5) + Knowledge Sharing Sessions
  • Accademia Melitalia App එකට සම්පූර්ණ ප්‍රවේශය + Recordings නැවත බැලීම
  • Daily Dose, සෑම පන්තියකට පසු Quizzes සහ ක්‍රියාකාරකම්
  • අපැහැදිලිතාවයන් සඳහා සෑමවිටම ගුරු සහාය
  • දෙවන මාසයේ සිට මාසිකව €59.00 පමණයි
  • online, Tabacchi, හෝ Bank transfer (Bonifico) මගින් ගෙවිය හැක
  • 7වන මාසයේදී නොකඩවා සහභාගී වන අයට අමතර ක්‍රියාකාරකම් පොතක් නොමිලේ
වැදගත්: මෙය මාස 10ක ගෙවීම් සහිත පාඨමාලාවක් වුවත්, පළමු පන්ති සැසි 2ට ගෙවීමකින් තොරව සහභාගී විය හැක — ගුරුවරිය, කණ්ඩායම සහ ඉගැන්වීමේ ක්‍රමය හඳුනාගෙන පසුව තීරණය කරන්න. ඉදිරියට යාමට කැමති නම් පළමු මාසයේ ගාස්තුව ගෙවා අසුන තහවුරු කරගන්න — දැනටමත් සහභාගී වූ එම සැසි 2ද එම ගාස්තුවට ඇතුළත් වේ. ගැළපෙන්නේ නැත්නම් එතැනින් නවතින්න; ඉන්පසු කිසිදු ගෙවීමක් අවශ්‍ය නැත.

අසුන් සීමිතයි — තහවුරු වන්නේ කෙසේද

එක් කණ්ඩායමකට බඳවා ගන්නේ සීමිත සිසුන් ගණනකි.

  • ගාස්තු ගෙවා තහවුරු කරගත් සිසුන්ගෙන් එම ගණන සම්පූර්ණ වූ පසු, තවම ගෙවා නොමැති අයගේ නම් පොරොත්තු ලේඛනයට යයි.
  • ඔබ පොරොත්තු ලේඛනයට ගියහොත් වහාම දැනුම් දෙන පණිවිඩයක් එවනු ලැබේ — එවිට ගෙවීමක් නොකරන්න; අවශ්‍ය අවස්ථාවේ අපිම ඔබට කතා කරන්නෙමු.
  • සිසුවෙකු ඉවත් වී අසුනක් නිදහස් වුවහොත්, ලියාපදිංචි වූ පිළිවෙළට පොරොත්තු ලේඛනයේ සිටින අයට එය ලැබේ. එසේ නොවුවහොත් ඊළඟ කණ්ඩායමට ප්‍රමුඛත්වය ලැබේ.
  • පොත ගෙවීම ලැබුණු පසුව පමණක් තැපෑලෙන් යවනු ලැබේ — ප්‍රවාහනයට දින 10–14ක් ගතවේ.

ඔබගේ සහතිකපත්‍රය — නීතිමය සහ නිල භාවිතය සඳහා වලංගුයි

පාඨමාලාව අවසානයේ නිල Attestato di Partecipazione සහතිකය ලැබේ — නීතිමය ලියකියවිලි, Refugee Commission, සහ රැකියා අවශ්‍යතා සඳහා පිළිගැනේ. ඔබට අපගේ සහතික පත්‍රය ලබාගත හැකි අවස්ථා තුනකි:

Adulti course certificate
01 · පන්තිය ආරම්භ වීමට පෙර — ලියාපදිංචිය තහවුරු කරන ලිපියක් පාඨමාලාව ආරම්භ වීමට පෙරම ලියවිල්ලක් අවශ්‍ය නම්, තවම ආරම්භ වී නොමැති පාඨමාලාවකට ඔබ ලියාපදිංචි වී සිටින බව සඳහන් ලිපියක් අපි ලබාදෙමු. මෙය ලබාගත හැක්කේ පාඨමාලා ගාස්තුව දැනටමත් ගෙවා අසුන තහවුරු කරගෙන ඇති අයට පමණි.
02 · පාඨමාලාව අතරතුරදී — Attestato di Partecipazione පාඨමාලාව අතරතුරදී ලිපියක් අවශ්‍ය නම්, පාඨමාලාව ආරම්භ වූ දිනය, අවසන් වන දිනය සහ ඔබ සහභාගී වූ දිනයන් එහි පැහැදිලිව සඳහන් වේ. ඉල්ලීම කරන අවස්ථාවේදී ඔබගේ පන්ති ගාස්තු කිසිදු හිඟයකින් තොරව ගෙවා තිබිය යුතුය. අපි සඳහන් කරන්නේ ඔබ සැබවින්ම සහභාගී වූ දිනයන් පමණි — කිසිදු අවස්ථාවක සාවද්‍ය සහභාගිත්වයක් එකතු කිරීමට අපට නොහැක.
03 · පාඨමාලාව අවසානයේ — සම්පූර්ණ Attestato di Partecipazione පාඨමාලාව අවසානයේ නිල Attestato di Partecipazione සහතිකය ඔබට ලැබේ. එහි ඔබ සහභාගී වූ දිනයන් මෙන්ම, මුළු පන්ති දින ගණනින් ඔබ සහභාගී වූයේ කොපමණ ප්‍රමාණයක්ද යන්නද සඳහන් වේ.
📊 සහභාගිත්වය අපගේ පද්ධතිය මගින් සම්පූර්ණයෙන්ම සටහන් වේ සෑම පන්ති සැසියකටම ඔබ සහභාගී වූයේද යන්න, ඔබේ සක්‍රීය සහභාගිත්වය, සහ Accademia Melitalia App එකෙහි පටිගත කළ පාඩම් නැරඹූ පැය ගණන පවා අපගේ පද්ධතිය හරහා ස්වයංක්‍රීයව සටහන් වේ. එබැවින් සහතිකයේ සඳහන් වන සෑම දිනයක්ම සත්‍ය වාර්තා මත පදනම් වේ — ඔබ ලබාගන්නා ලියවිල්ලට නිල අවශ්‍යතා සඳහා වටිනාකමක් ලැබෙන්නේ එබැවිනි. නිතිපතා පන්තියට එක්වීමෙන් ඔබේ සහතිකයද එතරම්ම ශක්තිමත් වේ.

මෙය A2 මට්ටම සහතික කරන ලේඛනයක් නොවේ; A2 සහතිකයට අදාළ විභාගයට වෙනමම පෙනී සිටිය යුතුය.

Melissa Fernando

නිර්මාතෘවරිය සහ ප්‍රධාන ගුරුවරිය

Melissa, founder of Accademia Melitalia

University of Pavia හි Biotechnology උපාධිධාරිනියක් වන Melissa, ඉතාලි අධ්‍යාපන පද්ධතිය තුළම හැදී වැඩුණ නිසා විදේශිකයන්ට එදිනෙදා ජීවිතයට අවශ්‍ය ඉතාලි මොනවාද කියලා හොඳින්ම දන්නවා. GSK ඇතුළු ජාත්‍යන්තර සංවිධාන වල පළපුරුද්ද ලබාගෙන, වසර 4කට වඩා වැඩි කාලයක් වැඩිහිටි සිසුන්ට ඉතාලි උගන්වමින් සිටී.

🎓 Biotechnology graduate, University of Pavia 🏢 Professional experience at GSK and international organisations 📜 Ditals specialist training in progress (ඉතාලි විදේශීය භාෂාවක් ලෙස උගන්වීමේ පිළිගත් සුදුසුකම)

නව කණ්ඩායම් — ඔබට ගැලපෙන දිනය තෝරන්න

කණ්ඩායම් හතරටම එකම syllabus, එකම ගුරුතුමිය, එකම වේලාව (7:30pm–10:00pm). වෙනස් වන්නේ සතියේ දිනය පමණි.

ඉහත සියල්ල කියවා, ඔබට මෙම පාඨමාලාව ගැලපෙනවා යැයි විශ්වාස කරන්නේ නම් පමණක් පහත ලියාපදිංචි වන්න.
සෙනසුරාදා
සැප්. 12 ආරම්භය · AD21
ලියාපදිංචි වන්න
ඉරිදා
සැප්. 13 ආරම්භය · AD22
ලියාපදිංචි වන්න
බදාදා
ඔක්. 21 ආරම්භය · AD23
ලියාපදිංචි වන්න
සිකුරාදා
ඔක්. 23 ආරම්භය · AD24
ලියාපදිංචි වන්න

AD18, AD19, AD20 කණ්ඩායම් දැනටමත් ආරම්භ වී ඇති බැවින් නව ලියාපදිංචි කිරීම් සිදු නොකෙරේ.

WhatsApp Us